Friday, May 10, 2013

හිත නාඹර තාලෙට

හිත නාඹර තාලෙට 

හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා
එන හිමිදිරි සිහිලට සිතිවිලි කිතිකැවුනා
එක පාරට ආදර මල් සුවඳක් දැනුනා
මදහාසනගා හොරැහින් වගේ බැලුවා...

පාලු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා
සිතලෙන් මිරිකී උදාවුනු  
මේ අරුමේ
පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...

පාට සමණළයන් ආදර ගීමුමුනා
රෝස මකරන්දේ සුවඳට ඉවකෙරුවා
සිතලෙන් මිරිකී උදාවුනු 
මේ අරුමේ
පාලුවූ මහදේ කවුරුද තනි මැකුවේ ...


හිත නාඹර තාලෙට...

No comments:

Post a Comment